පාකිස්තානු වේගපන්දු යවන ක්‍රීඩක වහාබ් රියාස් සිය වසර 15ක ජාත්‍යයන්තර ක්‍රිකට් දිවියට තිත තබමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ඔහු දිගටම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීග ක්‍රීඩා කරනු ඇත.

වහාබ් රියාස් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 27කදී කඩුලු 83ක්, එක්දින තරග 91කදී කඩුලු 120ක් සහ විස්සයි20 තරග 36කදී කඩුලු 34ක් බිඳහෙළා තිබේ. ඔහු අවසන් වරට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළේ 2020 වසරේදීය.