පාසල් දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන සඳහා සහල් තොගයක් පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෙත නිකුත් කිරීම අද (19) සහ හෙට (20) සිදු කෙරෙනවා

මෙම පෝෂණ වැඩසටහන වෙනුවෙන් සහල් ප්‍රදානය කරනු ලබන්නේ ලෝක ආහාර වැඩසටහන විසිනි

වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදි මෙම සහල් බෙදාහරින අතර  ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ලද සහල් මෙට්‍රික්ටොන් 735 ක් මෙහිදී නිකුත් කෙරෙන බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාව සඳහා වූ හවුල්කාරිත්ව ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ එම කටයුතු සිදු කෙරෙනවා.

මේ අතර, ඉතිරි සහල් ප්‍රමාණය මෙන්ම රතු පරිප්පු, සූරියකාන්ත තෙල් සහ රටඉඳි ඇතුලු අනෙකුත් ආහාර ද්‍රව්‍ය තොග බෙදාදීම නව පාසල් වාරය ආරම්භ වූ පසු සිදුකිරීමටයි සැලසුම් කර ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලය පවසා සිටියා