ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඩෙංගු රෝගය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔහු සිම්බාබ්වේ සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියෙන් ඉවත් කර තිබේ.

ඔහු වෙනුවට තරුණ ක්‍රීඩක ෂෙවෝන් ඩැනියෙල් සංචිතයට කැඳවීමට නියමිත බව වාර්තා වේ.

සිම්බාබ්වේ සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය හෙට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.