ශ්‍රී ලංකා 19න් පහළ ජාතික කණ්ඩායම එළඹෙන සතියේ දකුණු අප්‍රිකාව බලා පිටත් වීමට නියමිතයි. ඒ 19 පහළ ලෝක කුසලානය සඳහාය.

එම තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරුන් වන සනත් ජයසූරිය හෝ මහේල ජයවර්ධන කණ්ඩායම සමගින් ගමන් කිරීමට නියමිත බව වාර්තා වේ.

මීට අමතරව හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරද 19 පහළ ජාතික කණ්ඩායමට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව 19 පහළ කණ්ඩායමට පැවති රැස්වීමකදී කුමාර් සංගක්කාර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය ඔවුන්ගේ අත්දැකීම් බෙදාගෙන ඇති බව වාර්තා වේ.