ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන 20 -20 තරඟය අද (06) පස්වරුවේදී සිලෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මේ වනවිට තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ එකට බින්දුවක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවේ.

අද තරඟය සඳහාද වනිදු හසරංග ක්‍රීඩා නොකරන අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම චරිත් අසලංක විසින් සිදුකරයි.