පේරාදෙණිය පොලිස් වසමේ මුරුතලාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට ක්‍රිකට් පිත්තකින් සහ පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ එලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි එම ප්‍රදේශයේ ම පුද්ගලයෙකු බවය.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.

පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය රෝහලේ තැන්පත් කර තිබේ.

පේරාදෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.