මතභේදයට තුඩුදුන් මැතිවරණයකින් පසු සභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාකිස්තාන දේශපාලන පක්ෂ දෙකක් එකඟතාවකට පැමිණ තිබෙනවා.ඒ, පාකිස්තාන මුස්ලිම් ලීගය හා පාකිස්තාන මහජන පක්ෂයයි.ඔවුන් නව පාලනයක් සඳහා එකඟතාව පළ කර ඇතැයි ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.සභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඔවුන් මූලික ගිවිසුමක් ඇතිකරගත්තේ මීට දින 06 කට පෙරයි.එහෙත් එය අවසන් කර තිබුණේ ඊයේ දිනයේයි.ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය ෂබාස් ශරීෆ් පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට නියමිතයි.අනෙක් පක්ෂයේ අසීෆ් අලී සර්දාරේ ජනාධිපති අපේක්ෂකත්වයට නම් කිරීමටයි නියමිතව ඇත්තේ.