මෙරට කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදගා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීම සදහා වන යෝජනාවලියක් සකස් කරන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර දැනුම්දී තිබෙනවා

විදේශ සේවා නියුක්ති කාරකාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වය සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමය සමග පැවති සාකච්ඡාවේදී එතුමා මේ බව කියා සිටියා

ඒ අනුව වසර 10ක් තුළ ගෘහ සේවිකාවන් විදේශ රැකියාවන් සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීම සදහා මෙම යෝජනාවලිය සකස් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.