සංචාරක ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන තරග 03කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගයද ලකුණු 155කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 308ක් රැස් කිරීමට සමත් විය.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 97ක් රැස් කළ අතර ඊට අමතරව කුසල් මෙන්ඩිස් ලකුණු 61ක්, සධීර සමරවික්‍රම ලකුණු 52ක් සහ ජනිත් ලියනගේ ලකුණු 50ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ.

අනතුරුව පිටියට පිවිසි ඇෆ්ගනිස්තානය පන්දුවාර 33.5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 153ක් පමණි. එහිදී රහ්මත් ශා ලකුණු 63ක් සහ ඉබ්‍රහිම් සද්‍රාන් ලකුණු 54ක් රැස් කළහ.

පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 04ක් දවාගැනීමට සමත් විය.

මේ අනුව තරග 03කින් යුත් එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2-0 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඇෆ්ගන් පරදා ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය කලින්ම ජය ගනියි