රජයේ රෝහලක ශල්‍යාගාරයක් තුළ දී Pre Wedding Shoot එකක් සිදු කළ වෛද්‍යවරයෙකු සේවයෙන් පහ කළ පුවතක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වනවා. චිත්‍රදුර්ගා හි පිහිටි Bharamasagar රජයේ රෝහල් ශල්‍යාගාරය තුළ එහි උපකරණ භාවිතා කරමින් අභිෂේක් නැමති වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකුට සැත්මක් සිදු කරන ආකාරය නිරූපණය කරන ඡායාරූප හා වීඩියෝ රූගත කිරීමක් සිදු කර තිබෙනවා. ඔහුගේ අනාගත සහකාරිය එම සැත්කමේ සහායිකාව ලෙසයි නිරූපණය කර ඇත්තේ.

මෙම පුවත සැලවිමෙන් පසු කේරලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කොන්ත්‍රාත් පදනමින් දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරියෙකු ලෙස සේවය කරන ලද මෙම පුද්ගලයා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට කටයුතු කර තිබෙනවා. අනතුරුව සිය X ගිණුමේ සටහනක් තබමින් කේරළ සෞඛය අමාත්‍ය Dinesh Gundu Rao පවසා ඇත්තේ, රාජ්‍ය රෝහල් ඇත්තේ මහජනතාවයේ සේවය සඳහා මිස පෞද්ගලික කටයුතු සඳහා නොවන බවයි.

 

එම රූගත කිරීමේ දර්ශන පහතින්…