ඊයේ(09) රාත්‍රියේ යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී පැවැත්වු දකුණු ඉන්දීය ප්‍රවීණ සංගීතඥ හරිහරන්ගේ Hariharan Live in Concert and Star Night ප්‍රසංගය නැරඹීමට බොහෝ පිරිසක් පැමිණ ඇති බව වාර්තා වනවා. මෙම ප්‍රසංගය සඳහා ජනප්‍රිය නිළි තමන්නා භාටියා, රම්බා ඇතුළු සිනමා කරු රැසක් ද සහභාගී වුණා.

පැමිණි අධික ජනකාය හේතුවෙන් බොහෝ පිරිසකට ක්‍රීඩාංගනයට ඇතුළු වීමටද නොහැකි වී ඇති අතර, පරිශ්‍රයට ඇතුළුවීම සඳහා එම පිරිස අතර ඇති වු අධික තදබදය නිසා පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව යාපනය පොලිසිය පවසනවා.

Yarl Education Support Fund අරමුදලට අරමුදල් එක්රැස් කිරීම සඳහා මෙම ප්‍රසංගයේ සංවිධානය කර තිබුණා.