2023 පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ අයෝමාල් අකලංක මීටර් 400 බාලක කඩුලු පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් අතර, නිලුපුල් පෙහෙසර බාලක උස පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

අයෝමාල් තත්පර 51.61කින් තරගය නිමා කළ අතර, එය තත්පර 51.51කින් රන් පදක්කම දිනාගත් ජැමෙයිකාවේ ඩැනියෙල් ඇන්තනි රයිට්ට වඩා තත්පරයෙන් දහයෙන් එකක් මන්දගාමී විය.

මේ අතර බාලක උස පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට නිලුපුල් සමත් වූ අතර, ඔහු වාර්තා කළ උස මීටර් 02කි. එංගලන්තයේ ඊතන් ග්ලයිඩ් මීටර 2.06ක උසක් වාර්තා කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේය.