ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ අනෙකුත් නිලධාරීන්ට අන්තර්ජාලය හරා තර්ජනය එල්ල කළ පුද්ගලයකු එෆ්.බී.අයි නිලධාරීන්ගේ සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් තිබේ.

උටා ප්‍රදේශයේ පදිංචි ක්‍රෙ‍ෙග් රොබට්සන් නැමති මෙම පුද්ගලයාට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබාදීමට උත්සහ කළ අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කර ඇත.

කෙසේ වෙතත් වැඩිදුර තොරතුරු ලබාදීම එෆ්.බී.අයි ආයතනය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වේ.

වෙඩි තැබීමෙන් මියගිය ක්‍රෙ‍ෙග් රොබට්සන් සිය ෆේස්බුක් ගිණුම හරහා හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අපරාධ චෝදනා ගොනුකළ නිලධාරියෙකුටද මරණ තර්ජන එල්ල කර ඇත.

ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා උටාහි සංචාරයකට පැමිණෙන බවට තමන්ට වාර්තාවී ඇති බවත්, ඔහුව මරා දමන බවටත් මෙම පුද්ගලයා තර්ජනය කර තිබුණේ ගිනි අවි දුසිම් ගණනක ඡායාරූප සිය ෆේස්බුක් ගිණුමට එක් කරමින්ය.

එමෙන්ම සිය ස්නයිපර් තුවක්කුවේ දූවිලි පිස දමමින් සිටින බවටද ඔහු සටහනක් තබා තිබුණි.