සති අන්තයේ දී කුරුණෑගල නගරය ආවරණය වන පරිදි දෙදින ජංගම මෝටර් රථ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව සෙනසුරාදා (අගෝස්තු 12) සහ ඉරිදා (අගෝස්තු 13) පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේදී මෙය පැවැත්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT), වයඹ පළාත් DMT කාර්යාලය සහ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව එය පැවැත්වීමට කටයුතු කර තිබේ.

සැලසුම් කර ඇති ජංගම මෝටර් රථ ප්‍රවාහන සේවය තුළදී සේවාවන් කිහිපයක් පිරිනැමීමට නියමිතය.