පොල් සංවර්ධන අධිකාරිය මෙම වර්ෂයේ  උපයන ලද ආදායමෙන් රුපියල් දොළොස් කෝටි පනස් ලක්ෂයක්  මහා භාණ්ඩාගාරයට බාර දීමට සැලසුම් කර තිබේ.

ඊට අදාල චෙක්පත පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රෝෂාන් පෙරේරා මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත සංකේතාත්මකව බාර දී ඇත.

මෙම මුදල ජනාධිපතිවරයාට බාර දෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතන රැසක් ලාභ ලබන මට්ටමක පවතින බැවින් උපයන ආදායමෙන් කොටසක් මහා භාණ්ඩාගාරයට ලබා දීම සදහා කටයුතු කරන බවද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත  අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.