අයි.සී.සී.ය නිකුත් කළ එක්දින ක්‍රිකට් පිටියේ නවතම ශ්‍රේණිගතකිරීම් අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ රැසක් ඉදිරියට පැමිණ ඇති අතර, මහීෂ් තීක්ෂණ ස්ථාන 19කින් ඉදිරියට එමින් එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම්හි 13 වැනි ස්ථාන හිමි කර ගෙන ඇත. එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඔහු හිමි කර ගත් ඉහළම ස්ථානය මෙයයි.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී තරග 08කදී කඩුලු 21ක් බිඳ හෙළමින් තරගාවලියේ දෙවැනි වැඩිම කඩුලුලාභියා බවට මහීෂ් තීක්ෂණ පත් විය.

මීට අමතරව පිතිකරණයෙන් දස්කම් දැක්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ස්ථාන 09ක් ඉදිරියට පැමිණෙමින් 29වැනි තැනට පත්ව තිබේ.