යුක්‍රේනයට ආරක්ෂාව සැපයීමට බටහිර රටවල් ගත් තීරණය භයානක වරදක් බව රුසියාව සඳහන් කර ඇත.

ජී 7 නායකයින් ගත් එම තීරණය රුසියාවට බලපෑමක් වන බව රුසියාව ප්‍රකාශ කර තිබේ.

එලෙසම එම තීරණය හේතුවෙන් යුරෝපයට ද ඉදිරි වසරවලදී භයානක ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවනු ඇති බව රුසියාව අවධාරණය කර ඇත.

රුසියානු ආක්‍රමණය පවතින තුරු යුක්‍රේනයේ ආරක්ෂාව ඉහළ නැංවීමට සහ දිගුකාලීන ආරක්ෂාවක් සැපයීමට සහතික වන බව ජී 7 රටවල් ඊයේ (12) ප්‍රකාශයට පත් කර තිබේ.