2024 වසර සඳහා පළමු ශ්‍රේණියට පාසල් සිසුන් ඇතුළත් කිරීම සඳහා වන අයැදුම්පත සහ උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.

ඒ අනුව, අගෝස්තු 18 වන දාට පෙර එම අයැදුම්පත් ලියාපදිංචි තැපෑල හරහා අදාළ සියලු ලේඛන සමග පාසල් ප්‍රධානීන් වෙත යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත.

සියලු ම සුදුසුකම් ජූනි මස 30 වන දිනට වලංගු වන පරිදි සපුරාලිය යුතු බව ත් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Download PDF