ශ්‍රී ලංකා ටෙස්ට් කණඩායමේ නායක දිමුත් කරුණාරත්න පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට සහභාගි වීම අවිනිශ්චිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. දිමුත් හෙට සහ අනිද්දා කොළඹදී ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂාවට ලක් කරන බවත්, ඒ අනුව ඔහු ජුලි 16වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න තීරණය වන බවත් වාර්තා වේ.

දිමුත් මස්පිඬු ආබාධයක් හේතුවෙන් එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයටද ක්‍රීඩා කළේ නැත.