ශ්‍රි ලංකා මහ බැංකුවේ සංචිත අනුපාත අඩුකර තිබේ.

එය සියයට 4.00 සිට සියයට 2.00 දක්වා පදනම් අංක 200 කින් වේ.

මහ බැංකුවේ වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්තථාවරයට අනුකූලව, බැංකු පද්ධතිය සඳහා ද්‍රවශීලතාව සැපයීම සහ වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය ස්ථිර පදනමින් තවදුරටත් අඩු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව 2023 අගෝස්තු මස 16 වන දින ආරම්භ වන සංචිත පවත්වාගෙන යාමේ කාලපරිච්ඡේදයේ සිට මෙය ක්‍රියාත්මක වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්…