මාස 10 තුළ මෙරටින් ලාඳුරු රෝගීන් 1250 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇත.

ඒ අතර වයස අවුරුදු 14 ට අඩු ළමුන් 131 දෙනෙකු වන බව ලාඳුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර ප්‍රකාශ කර තිබේ.

මේ වනවිට වාර්තා වන්නේ මීට වසර 5 කට හෝ 7 කට පෙර ලාඳුරු බැක්ටීරියාව ශරීරගත වූ රෝගීන් බවද ඔහු පවසා ඇත.