වසරකට රටට ප්ලාස්ටික් ටොන් 45000ක් ආනයනය කරන්නට රුපියල් කෝටි 27,000ක් වියදම් කරන බව සමගි ජන බලවේගයේ  මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම  පාර්ලිමේන්තුවේ දී පවසා ඇත.

මෙම ප්ලාස්ටික්  දිරා යන්නට අවුරුදු 700ක් පමණ ගත වන බවත්  මෙම ප්ලාස්ටික් ටොන් ලක්ෂ හතහමාර ප්‍රතිචක්‍රීරණය නොකලොත් තව අවුරුදු ගාණක් යන විට මේ රටේ පස් තියෙන එකක් නැතැ බවත් ඔහු අවධාරණය කර තිබේ.

ප්‍රතිචක්‍රීකරණ කටයුතු හරියට නොකළහොත් මුහුදේ මාළුන්ට වඩා ප්ලාස්ටික් කෑලි මුහුදේ පාවේවි යැයිද මාන්නප්පෙරුම මහතා පවසා ඇත.

වසරකට ප්ලාස්ටික් ටොන් ලක්ෂ හතර හමාරක් ආනයනය කළද එයින් 144000ක් පමණ නැවත එකතු කරගන්නා බවත්  එසේ කලත් ප්‍රතිචක්‍රීකරණය සදහා යොමුවන්නේ ප්ලාස්ටික් ටොන් පනස් දහසකට වඩා අඩු ප්‍රමාණයක් බවත් ඔහු සඳහන් කර ඇත.

මෙරට ඇළ දොළවල් වල පාර දෙපැත්තේ මුහුදේ ප්ලාස්ටික් ටොන්  ලක්ෂ හතරක් වසරකට පා කරන බවද මාන්නප්පෙරුම  මහතා පවසා තිබේ.