සුද්දාගෙන් ශ‍්‍රී ලංකාවට ලැබුණු දෑ බොහෝය. ඉන් තේ, රබර්, කෝපි, කුරුඳු, කොකෝවා වැනි වතු වගා ක‍්‍රමයන් සුවිශේෂ වූ ස්ථානයක් දිනා ගනියි.  එම භෝගයන්ගේ ලෝක සන්නාමයන්ද ලංකාවට හිමිකර ගැනීමට සමත් වූ අතර  ලොව පුරා Ceylon Tea යන්න අදටත් ජනප‍්‍රිය වී ඇත. ලංකාවට තේ වගේම සුද්දා විසින් හදුන්වා දුන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව අමතක කළ නොහැකි ප්‍රධාන කරුණකි.

ශ‍්‍රී ලංකාව යන්න ලෝක සිතියමේ කොහිද යන්න නොදත් ලොව පුරා ක‍්‍රිකට්වලට ආදරය කරන්නන් ක‍්‍රිකට් නිසා ලංකාව ගැන දැන ගැනීමට තරම් ලංකාවේ ක‍්‍රිකට් ඉහළට ආවේය.  ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවුනත් එය මෙතරම් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සුවිශේෂම හේතුව වනුයේ 1996 වසරේ දී අර්ජුන රණතුංග ඇතුළු පිරිවර ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමත් සමගය. එම නිසා Ceylon Tea මෙන්ම Ceylon Cricket  ද ලෝක අවධානය දිනා ගත් බව නොරහසකි.

එදා සිට මේ දක්වා  ක‍්‍රිකට් ක‍්‍රීඩාව ලංකාව තුළ ක‍්‍රීඩාවක් ලෙස මෙන්ම ආර්ථිකමය ප‍්‍රතිලාභයන් අත්පත් කර දීමට සමත් කර්මාන්තයක් ලෙස වර්ධනය විය. මෙහි වර්ධනයට එක් පසෙකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයෙන් ලැබූ සහාය අගනේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය යනු ලෝක ක‍්‍රිකට් කවුන්සිලයේ රෙගුලාසි නිර්දේශ ආදියට යටත් ආයතනයකි. එය රජයෙන් ස්වාධීන සමාගමකි. එහෙත් රජයට ආර්ථිකමය ප‍්‍රතිලාභයන් අත්පත් කරදීමට ගොඩ නැගුණු ධන නිධානයක් ලෙස ද හැඳින්විය හැකිය.

වර්ෂයකට ඩොලර් මිලියන ගණාවක මුදලක්  ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ගිණුමට ලැබෙන අතර එය සෘජුව මහා භාණ්ඩාගාරයට බැර නොවේ. එහෙත් එම මුදල්  වක‍්‍රව දේශීය ආදායම් සංචිතයෙහි ආදායමක් ලෙස සනිටුහන් වෙයි. ඒ අනුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් යනු හුදු සෙල්ලම් මඩුවක් නොවේ. කෙසේ නමුත් මෙරට ක‍්‍රීඩා අණ පනත් අනුව ක‍්‍රීඩා අමාත්‍යාංශයෙහි අධීක්ෂණයට යටත්ව පවතින හා වගකිම් සහිත ආයතනයක් වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංවිධිතිගත නීති පද්ධතියකින් පෝෂණය වන ආයතනයකි. එහෙත්  වැදගත් වන්නේ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට්වල  වර්තමාන  තත්වය  හා එය  කෙතරම් ප‍්‍රමාණයකට ලංකාවේ සංවර්ධනයට උපයෝගී වන්නේද යන්න පිළිබඳවය.

එහෙත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය සහ ක්‍රිකට් ආයතනයේ පරිපාලන පිළිබඳව සතුටුවිය නොහැක. මේ වන විට ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහනම් කර ඇත. නිලවරණයකින් පත් වූ නිලධාරී මණ්ඩලයකට කටයුතු කරගෙන යාමට ඇති දේශපාලන බලපෑම් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගෙන ඇති බව ද ඔවුන් සඳහන් කළේය.

 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ඔවුන්ගේ අභිමතය පරිදි සකසා ගත් හා ලෝක ක‍්‍රිකට් සම්මේලනයේ නීති රීතීන්ට අනුගතව ක‍්‍රියා කළ හැකිය. එහෙත් ලෝක ක‍්‍රිකට් කවුන්සිලය විසින් එම රට තුළ වන ස්වාධීනත්වයට ගරු කරමින් ක‍්‍රිකට් හැසිර විය හැකි බවට වන නීති රීති සමුදායක් ද යොදා ඇත.

ඒ් අනුව ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් මිල වන්නේද, මිලදී ගන්නන් වන්නේද, අභිමත පරිදි ක‍්‍රීඩා කළ හැකි වන්නේද ලෝක ක‍්‍රිකට් කවුන්සිලයට අනුගතවය. එසේම ක‍්‍රිකට් ලංකාව තුළ මෙන්ම ඉන් පිටතදීද ධනය ඉපයීම හා එහි ප‍්‍රතිලාභ රටට අත්කරදීම සඳහා  ක‍්‍රිකට් ආයතනයේ පරිපාලනයට හැකියාව ඇත.

එහෙත් මේ වන විය ක්‍රිකට් ආයතනයේ පරිපාලන ව්‍යුහයේ   ඇති දූෂණ විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව බොහෝ තොරතුරු හෙලී වී ඇත. එමෙන්ම ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් සම්බන්ධයෙන් පවතින මූල්‍යමය තොරතුරු ද මේ වන විට රට පුරා කතා බහට ලක් වී අවසන්ය. මෙම හේතු නිසා ක්‍රිකට් ක්‍රිඩාවේ පවතින අනන්‍යතාව , මහත්මාගතියට අවමානයක් සිදු වුණාද යන්න පිළිබඳව සැකයක් නැත.

මේ හේතුවෙන් වර්තමානයේ ක‍්‍රිකට් බලධාරීන් ඔවුන්ගේ පාර්ශ්වයෙන් කොතරම් දුරට මෙකී කාර්ය භාර්යයන් ක‍්‍රිකට් රැක ගනිමින් සිදුකරන්නේද යන්න ගැටළු සහගතය. පසුගිය කාලයේදී මාධ්‍ය ඇතුළු වෙනත් පාර්ශ්ව විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සම්බන්ධයෙන් මතු කළ විවේචනයන් කොතරම් දුරට ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කළ විවේචනදැයි ද පිළිබඳව ද සිතා බැලිය යුතු කරුණකි.

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මෙම තත්ත්වය සහ මෙහි ඇති පරිපාලන දෝෂයන් පිළිබඳව xposure අපගේ Youtube නාලිකාව හරහා සිදු කරන ‘ඇණlies හා Genz  xposure යන  podcast වැඩසටහන් තුලින්ද කතා බහට ලක් කළේය.

ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට පහත් link එකට පිවිසෙන්න.

 

 මේ සියලු කරුණු අතරවාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන වෙනස් කිරීමට ද ක්‍රීඩා ඇමතිවරයා උත්සහ දැරීය. ඒ අනුව ක්‍රීඩා ඇමති රෝෂාන් රණසිංහ අතුරු පාලක කමිටුවක් පත් කළේය. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් කරන ලද ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස අර්ජුන රණතුංග පත් කෙරිණි.

එහෙත් මෙම අතුරුපාලක කමිටුව පත් කිරීම තමාගේ අනු  දැනුම මත සිදු නොවූ වක් බැවින් එය වහාම අත්හිටුවන එස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දුනි.

කෙසේ වූවත් ICC මෙරට ක්‍රිකට් තහනම් කිරීම සම්බන්ධයෙන්  ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ  ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව බවය.

එහෙත්  තමන් එබඳු ඉල්ලීමක් නොකළ බවත් ක්‍රිකට් පරිපාලනයට සිදු කෙරෙන දේශපාලන බලපෑම් හේතුවක් ICC  මෙම තීරණය ගත් බවත් එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට්හි සභාපති ෂම්මි සිල්වා සහ පිරිස පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මෙහෙයවන්නේ ජේ ශා විසින් බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ සිදු කර තිබුණි.

ජේ ශා බලවත් වන්නේ ඔහුගේ පියා ඉන්දියාවේ ස්වදේශ කටයුතු ඇමැති නිසා බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ වී ඇත්තේ ජේ ශාගේ බලපෑම නිසා බවත් අර්ජුන රණතුංග සඳහන් කළේය.

මේ පුවත ඉන්දීය පුවත්පත් මගින් ද ඉහළින් වාර්තා කර තිබිණි.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනුකළ පෙත්සම සලකා බැලීම ද සිදුවෙමින් පවතියි.

සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන  අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබීය.

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා  ඉදිරිපත් කර තිබේ.

තත්වයන් කෙසේ වුවත් සිදු විය යුතු වන්නේ රටක අභිමානයට බලපෑම් කළ හැකි හා රටක ආර්ථිකයට බලපෑම් කළ හැකි ජාත්‍යන්තර වපසරියක් ආවරණය කරන ක‍්‍රීඩාවක් සතු වගකීම් සහගත බව පරමාදර්ශී කොට ගෙන ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් රටේ සංවර්ධනයට සඳහා  උපයෝගී කර ගත හැකි අයුරින් නගා සිටුවීම බව අප කාගේත් අදහසය. ඒ් සඳහා  අවශ්‍ය සම්පත් හා බලවේග මෙන්ම සවිමත්බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සතුව  ඕනෑවටත් වඩා පවතී. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් රටේ සංවර්ධනයට සඳහා  දායක වනවා කියන්නේ ක‍්‍රීඩාවක් ලෙස ක‍්‍රිකට් පෝෂණය කිරීම මෙන්ම රටට කීර්තිය සහ ප‍්‍රතිලාභ ලබාදීමය.

එමෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින තවත් බොහෝ ගැටලු පිළිබඳව  xposure youtube නාලිකාවේ xposure hard talk  හරහා කතා බහට ලක් කෙරිණි.

එහි සම්පූර්ණ වැඩසටහන නැරඹීමට පහත link එකට පිවිසෙන්න.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට මෙන්ම ක‍්‍රීඩා අමාත්‍යාංශයටද ක‍්‍රිකට් කඩා වැටීමේ අර්බුදයෙන් කර හැරිය නොහැක. එය ශ‍්‍රී ලාංකිකයන්ගේ අයිතියකි. එනිසා එය පුද්ගලයන්ට අවශ්‍ය ලෙස නොව ශ‍්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය ලෙස කළමනාකරණය විය යුතුය.

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙවැනි ආගාධයකට වැටීමට සම්බන්ධ පිරිස කවුරුන්දැයි සොයා  බලා තරාතිරම් බේදයකින් තොරව ඔවුන්ට දඬුවම් කළ යුතුය. වැරැදි කර ඇත්නම් වැරැදිකරුවන්ට එරෙහිව අධිකරණයට යාමට කිසිදු බාධාවක් නැත. ඒ සඳහා වන විධිවිධාන අප රටේ තිබේ. දැන් කවුරුත් කළ යුත්තේ තහනම ඉවත් කර ගැනීමට සද්භාවයෙන් කටයුතු කිරීමය.

මාධ්‍යයක් ලෙස Xposure අපි  අපගේ වෙබ් අඩවිය සහ Youtube නාලිකාව හරහා  ඉදිරියේ දී ක්‍රිකට් පරිපාලනයේ  වැරදි තිරණ සහ පරිපාලනයේ මුදල් අවභාවිතාව ගැන විශේශ හෙලිදරව්වක් කරීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණන වාර්තාව උපයෝගී කරගනිමින් එහි පවතින තොරතුරු අනුව විශේෂ අනාවරණය  ඔබ හමුවට ගෙන ඒමට සූදානම්.

නිර්මාණි ගුණරත්න