අවුකන ප්‍රතිමා වහන්සේ සිවුරකින් සැරසීමේ සිද්ධිය පිළිබද පරීක්ෂණයක් පවත්වන ලෙස සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක  පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහට උපදෙස් ලබා දී ඇත.

ඒ මෙම සිදුවීම ඊයේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟය.

ඊයේ (26) ඉල් පොහොය දිනයේ අනුරාධපුර අවුකන පිළිම වහන්සේට සිවුරු අන්දවා පූජාවක් සිදු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ කථාබහක් මතුව ඇත.

පොහොය වෙනුවෙන් කොළඹ, වත්තල ප්‍රදේශයේ කණ්ඩායමක් පැමිණ අවුකන භාරකාර ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය සහිතව මෙම පූජාව කර ඇති බවට තොරතුරු වාර්තා වේ.