මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු පත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 අ හා 103 (01) ව්‍යවස්ථාව අනුව මහාචාර්ය ඩී. එම්. එස්. එස් ලක්ෂ්මන් දිසානායක මහතා ඒ සඳහා පත්විය.

ඔහු අද (10) මැතිවරණ කොමිෂන් සභාවේ වැඩ භාර ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසුවේ.