2023 චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ඊයේ සමත් විය. මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ලීගයක් දිනූ පළමු අවස්ථාව මෙයයි.

ඉන්ටර් මිලාන් කණ්ඩායම සමග රාත්‍රියේ පැවති අවසන් මහා තරගයේදී ගෝල 1-0 ලෙස ජය වාර්තා කරමින් කුළුදුල් චැම්පියන්ස් ලීග් කුසලානය හිමිකර ගැනීමට මැන්චෙස්ටර් සිටි කණ්ඩායම සමත් විය.

තරගයේ 68වැනි මිනිත්තුවේදී මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ රොඩ්‍රි එල්ල කළ විශිෂ්ට ගෝලයක් සමග ජය මැන්චෙස්ටර් සිටි පිල සතු වුණා.

මෙම ජයත් සමග ක්‍රීඩකයන්ද ක්‍රීඩා ලෝලීන් එක්ව එක්වී සිය ජයග්‍රහණයේ සතුට සැමරීය. ඇතැම් ප්‍රේක්ෂකයෝ ක්‍රීඩාගාරය අවට වීථිවලද ඔවුන්ගේ සතුට සමරමින් සිටින අයුරු දක්නට ලැබුණි.