එළඹෙන 19 වෙනිදා රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍ර්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

එදින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී රණවිරු දින සැමරුම් උත්සවය පැවැත්වෙන අතර, ඒ හේතුවෙන් 19වනදා සවස 03.00 සිට පොල්දූව මංසන්ධිය සහ කියැන්හෑම් හන්දියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුල් වීමේ මං තීරුව සහ පිටවීමේ මං තීරුව වසා දැමෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කරන්නේ.

ඒ අනුව, විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම්දෙන අතර, විකල්ප මාර්ග කිහිපයක් පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්