ඉරාන ජනාධිපතිවරයාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීම සඳහා විදේශ අමාත්‍ය අලි සබ්රි අද (21) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

අසර්බයිජානය සහ ඉරානය අතර දේශසීමා ආසන්නයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අවමංගල්‍ය උත්සවය මේ වන විට ආරම්භ කර තිබේ.

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් මෙරට දේශපාලනඥයින් ඇතුළු පිරිස් මෙරට ඉරාන තානාපති කාර්යාලයේදී සිය ශෝකය පළකර බවට තොරතුරු වාර්තා වේ.