ජපාන මුහුදු තීරයේදි දකුණු කොරියාවට අයත් රසායනික ටැංකි සහිත නෞකාවක් අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් 11දෙනෙකු සිට ඇති අතර ඊන් 8 දෙනෙකු දිවි බේරා ගෙන ඇති බවත් තවත් 3 දෙනෙකු මෙතෙක් සොයා ගැනීමට නොහැකිව අතුරුදන්ව ඇති බවත් වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

මෙම නෞකාව අනතුරට ලක්වන අවස්ථාවේ කොරියානු ජාතිකයින් දෙදෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයන් 8 දෙනෙකු සහ චීන ජාතිකයෙකු අනතුර සිදුවන අවස්ථාවේ ගමන් කර ඇති බව වාර්තාවේ.