ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන් අතර පළමු ස්ථානය සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හිමි වූ බව ෆෝබ්ස් සඟරාව නිවේදනය කර ඇත.

මෙලෙස වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයා බවට රොනාල්ඩෝ පත්වුණේ 2023 වසරේදී සෞදි අරාබියේ අල් නසාර් පාපන්දු ක්‍රීඩා සමාජය සමග ගිවිසුම්ගත වීමෙන් පසුවය.

ෆෝබ්ස් සඟරාව නිකුත් කළ ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේ අර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක මෙසී පසුවන අතර තුන්වන ස්ථානයේ පසුවන්නේ ප්‍රංශ පාපන්දු ක්‍රීඩක කිලියාන් ම්බාපේ ය.

තිදෙනාම පාපන්දු ක්‍රීඩකයන් වීම විශේෂත්වයකි.

පසුගිය මාස 12 තුළ රොනාල්ඩෝගේ ආදායම ලෙස සටහන් වන්නේ ඩොලර් මිලියන 136 ක් ලෙස සදහන් වේ.

සුපිරි ක්‍රීඩක මෙසීගේ පසුගිය මාස 12 තුළ ආදායම ලෙස දැක්වෙන්නේ ඩොලර් මිලියන 130 ක් වේ.

සසිඳු සහන් තාරක