ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පසුගිය මාසයේ දැක්වූ දක්ෂතා මත තෝරා ගැනෙන අයි.සී.සී. අප්‍රේල් මාසයේ ක්‍රිකට් සම්මාන සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක්ද නිර්දේශ වී ඇත.

මේ සඳහා නිර්දේශ වී ඇත්තේ  එක්සත් අරාබි එමීර් පිල නියෝජනය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් වන කවීෂා එගොඩගේය.

විස්සයි20 තරගාවලි දෙකකදී පිත්තෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන් ඇය මේ සඳහා නිර්දේශ වී තිබේ.

ඇය එහිදී තරග 08කදී ලකුණු 236ක් රැස් කිරීමට සමත් විය.

කවීෂා එගොඩගේට අමතරව තායිලන්තයේ නරුඑමෝල් චයිවායි සහ සිම්බාබ්වේ කෙලිස් ඉඩ්හොල්වි මේ සඳහා නිර්දේශ වී ඇත.


එමෙන්ම අයි.සී.සී. අප්‍රේල් මාසයේ ක්‍රිකට් සම්මාන සඳහා නිර්දේශිත ක්‍රීඩකයන් අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියද වේ.

ඔහුට අමතරව ඒ් සඳහා නිර්දේශ වී ඇති අනෙක් ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ පාකිස්තානයේ ෆකාර් සමාන් සහ නවසීලන්තයේ මාර්ක් චැප්මන්ය.

අයි.සී.සී. වෙබ් අඩවියට පිවිස මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ක්‍රීඩා ලෝලීන්ට හැකියාව තිබේ.

කවිඳු කාරියවසම්