ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිල විදේශ සංචාරය අතරතුර මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ඉටු කිරීම සඳහා, වැඩබලන මුදල් ඇමතිවරයා  ලෙස රාජ්‍ය ඇමති  ශෙහාන් සේමසිංහ  දිවුරුම් දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරන ලද පත් කිරීමට අනුව මෙසේ දිවුරුම් දී ඇත.

මෙම පත් කිරීමට අදාළ අක්ත පත්‍රය ජනාධිපතිතුමන් විසින් (03) ඊයේ රාජ්‍ය ඇමතිවරයා වෙත නිල වශයෙන් ලබා දී  තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 50 වැනි ව්‍යවස්ථාවෙන් ගරු ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කොට තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරයාගේ විදේශීය සංචාරයෙන් පසුව දිවයිනට පැමිණෙන තෙක්, අද (04) දින සිට ක්‍රියාත්මක වන පරිදි මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ වැඩ බැලීම, රාජ්‍ය ඇමති  ශෙහාන් සේමසිංහ විසින් සිදු කරනු ලබයි.
<span;>