කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේදී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයකට එක්වරම ගිනි ඇවිලීමෙන් අනතුරක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙලෙස ගිනි ඇවිලී ඇත්තේ මාදම්පේ සිට ගම්පොළ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකක් බවයි පොලිසිය සඳහන් කළේ.

ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කර  ඇති අතර පසුව කුරුණෑගල ගිනි නිවීමේ ඒකකයෙන් පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා තිබෙන අතර බස් රථයට දැඩි ලෙස හානි සිදුව ඇති බව සදහන් .

අප විසින් කළ විමසීමකදී කුලියාපිටිය ඩිපෝ කළමණාකාර එරික් නිශාන්ත මහතා පැවසුවේ අදාළ බස් රථය කාර්මික දෝශයක් හේතුවෙන් මෙලෙස ගිනි ඇවිලී ඇති බවත් අනතුරෙන් කිසිවෙකුට හානි සිදුවී නැතී බවත්‍ ය.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි