හැකියාවක් ලැබෙන පළමු අවස්ථාවේදීම බදු බර පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා ඇත.

ඒ අනුව ජනවාරි සිට මැයි දක්වා මාස 5 ක කාලය තුළ 2022 වසරට සාපේක්ෂව 38.1% ක වර්ධනයක් ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

කිසිවිටෙකත් අලුත් බරක් නිත්‍යානුකූල බදු ගෙවන්නන් වෙත පැවරීමට බලාපොරොත්තු නොවන බවත් පුළුවන් පළවෙනි අවස්ථාවේම බදු බර පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.