පිළිකා ඖෂධ ඇතුළු කුඩා දරුවන් සඳහා අවශ්‍ය කරන අමෙරිකානු ඩොලර් මිලියන 53.3ක් වටිනා ඖෂධ තොගයක් අමෙරිකාව විසින් මෙරටට පරිත්‍යාග කර ඇත.

එම ඖෂධ තොගය අමෙරිකානු තානාපතිනි Julie J.Chung මහත්මිය විසින් පෙරේදා (12) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට භාර දී ඇති බවයි වාර්තා වෙන්නෙ.

ඒ ඖෂධ අතර කුඩා දරුවන්ගේ සමේ රෝග, ආතරයිටිස් රෝග, පිළිකා රෝග සඳහා වන ඖෂධ වර්ග 16ක් පමණ ඇතුළත් වන බව සඳහන් වේ.

අමෙරිකානු සංවිධානයක් වන Direct Relief සංවිධානය හරහා මෙරටට ලැබුණු එම ඖශධ තොගය ඇමරිකානු ජනතාවගේ පරිත්‍යගයකි.