ලබන 18 වනදා සිට 21 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තා වේ.

එහිදී දුෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාව විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය පවසයි.

මේ අතර අපනයන පාලන පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීම සහ ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

එමෙන්ම 21වන සිකුරාදා බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන බවයි වාර්තා වෙන්නෙ.