ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් අද (අගෝ. 5) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා ඇත.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගිය ද මෙරට ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ත්, එමගින් සමාගමට කිසිදු අලාභයක් සිදු නොවන බව ත් ඔහු පෙන්වා දී තිබේ.

ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මෙට්‍රික්ටොන් 1ක මිල අමරිකානු ඩොලර් 85කින් ඉහළ ගොස් ඇති බව ද හෙතෙම පවසා ඇත.

ලිට්‍රෝ ගෑස් සමාගම අවසන් වරට කළ මිල සංශෝධනයේදී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 204කින් පහළ දමා දැමූ අතර එහි එය මේ වන විට වෙළෙඳපොළේ රු. 2,982ක මිලකට අලෙවි විය.

මෙම වසරේ මේ දක්වා අවස්ථා 5කදී ලිට්‍රෝ සමාගම ගෑස් මිල සංශෝධනය කළ අතර ඉන් එක් අවස්ථාවකදී හැර අනෙක් සියලු අවස්ථාවල මිල පහත දැමීම සිදු කෙරිණි.