ජූලි මසට අදාල වකුගඩු රෝගි, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් රු. මි. 2684 ක මුදල්, සියළු දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත නිකුත් කරන ලද බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසා ඇත.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල මඟින් ද, ආබාධිත සහ වකුගඩු දීමනාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින්ද සිකුරාදා සිට ලබාගත හැකි බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් එම පණිවිඩයේ දක්වා ඇත.