නියඟය හේතුවෙන් වී වගාවට සිදුව ඇති වගා හානිවල තත්ත්වය වහා තක්සේරු කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලට උපදෙස් ලබාදී ඇත.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී උතුරුමැද පළාතේ ගොවි නියෝජිතයින් සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා විසින් එම මණ්ඩලයේ සභාපති ඩබ්.එම්.එම්.බී. වීරසේකරට උපදෙස් ලබාදුන් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කර තිබේ.

ලැබෙන වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කර රක්ෂණ මණ්ඩලය හරහා වන්දි මුදලක් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යංශය පවසා ඇත.

හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් දැනට ලබාදිය හැකි බවත් සමහර ප්‍රදේශවල තත්ත්වය ඊට වඩා වෙනස් හැකි අතර එම ප්‍රදේශ සඳහා එය වැඩිකර ලබාදීමට කටයුතු කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කර ඇත.