මෙරට කුකුළු මස් නිෂ්පාදනයට ඉන්දීය සමාගම් 2ක් සුදානමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත.

මෙරට ව්‍යාපාරිකයන්ට ගැටළුවක් නොවන ආකාරයෙන් එය සිදු කෙරෙන බව ද ඇමැතිවරයා සඳහන් කර තිබේ.

කෙසේවෙතත් කුකුළු මස් වෙළඳපොළට එයින් තරගකාරීත්වයක් ඇති වන බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.