නවතම ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව බංග්ලාදේශ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් අභිබවා යමින් විස්සයි විස්ස තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග සමත් වෙයි. ඒ ප්‍රසාද ලකුණු 228 ක් සමඟින්.

පසුගිය අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්වල වනිඳු සමග සම ස්තානයේ පසුවූ ශකිබ් අල් හසන්ගේ ප්‍රසාද ලකුණු 223 ක් දක්වා අඩුවී ඇත.

එලෙසම ICC විස්සයි විස්ස පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් සිව්වන ස්තානය හිමිකරගැනීමට මහීශ් තීක්ශණ සමත්ව ඇත. එම ලැයිස්තුවේ දෙවන ස්තානයේ වනිඳු හසරංග පසු වේ.