මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමග කුඩා ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

ළමා හතිය, පාචනය, ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග තත්ත්වයන් මේ දිනවල ශ්‍රීඝ්‍රයෙන් පැතිර යා හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

විශේෂයෙන් කුඩා දරුවන්, 60 වැඩි වැඩිහිටියන් සහ නිදන්ගත රෝග වලින් පීඩාවිදින පුද්ගලයන් මෙම රෝග වලින් ප්‍රවේසම් විය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි