වව්නියාවේ සීනි කර්මාන්ත ශාලාවට දෙමළ පක්ෂවල විරෝධය

යෝජිත වව්නියාව නයිනමඩු සීනි  කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ බහුතරයක් සිය විරෝධය පළ කර ඇත.

යෝජිත මෙම කර්මාන්ත ශාලාව ඉදි කරනු ලැබුවහොත් ඒ සදහා අක්කර දහස් ගණනක ඉඩම් අත්පත් කර ගැනීමක් සිදුවනු ඇති බවත් විශේෂයෙන් උතුර පළාත ජලය අඩු ප්‍රදේශයක් වන අතර උක්දඩු වගාවට විශාල ජල ප්‍රමාණයක් අවශ්‍ය වන බවත් තමිල් මක්කල් තේසිය කුට්ටනි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වි විග්නේෂ්වරන් මහතා පැවසීය.

ඔහු පැවසුවේ තමන් උතුරේ මහඇමතිවරයාව සිටිය කාලයේ මෙම යෝජනාව ඉදිරිපත් කෙරුණු බවද හමන්නේ මෙම යෝජනාව පිළිබදව සොයා බැලීමට කටයුතු කළ බවද එහිදී එම යෝජනාව මගින් උතුර ප්‍රදේශයේ ජනතාවට වාසියට වඩා අවාසියක් සිදුවන බව පෙනී ගිය බැවින් තමන් එම යෝජනාව කල් දැමූ බවත් ඒ මහතා කීය.

තවද මෙම කර්මාන්ත ශාලාවට අක්කර දහස් ගණනක් ඉඩම් අත්පත කර ගැනීම සිදුවන නිසා අනුරාධපුර දිස්තික්කයටත් ආසන්න වන නිසා එම ඉඩම් වල සිංහල ජනපදකරණය සඳහාවන සැලසුකේද යන සැක කරන බවද එබැවින් තම පක්ෂය මෙම කමාත ශාලාව ඉදිකිරීමට විරෝධය පළ කරන විට මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී සටනකාමීන්ගේ පක්ෂයේ නායක කදීර් මහතා පැවසුවේ චීනය හා එක්ව ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම සිනි කර්මාන්ත ශාලාව මගින් සිදුවන්නේ දෙළේ ජනතාවගේ ඉඩම ආක්‍රමණයට ලක්වීම බවත් එයට කිසිසෙත්ම පක්ෂය  ඉඩ නොදෙන බවත්ය.

එල්ටීටීඊ සංවිධානය සටන් කරනු ලැබුවේ දෙමළ ජනතාවගේ ඉඩම් ආක්‍රමණයට විරෝධය පළ කරමින් බව පැවසූ කදිර මහතා එසේ තිබියදී චීනයට මෙම කර්මාන්ත පිහිටවනු ලබන්නේ ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට බවත්ය.

නිල වශයෙන් වව්නියාව සීනි කර්මාන්ත ශාලාවවට ඉඩම් අත්පත් කර ගැනීම නිවේදනය කළහොත් කුමන ඊට එරෙහිව දැඩි විරෝධාතාවයක් දක්වන බවද කදිර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

මේ අතර ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේද මෙම කර්මාන්තශාලාවට පසුගියදා සිය විරෝධය පළකර තිබිණි.

රාජිනි මෙන්ඩිස්