බංග්ලාදේශයේ වෛද්‍ය විද්‍යාලයක දී වාචික විභාගයක් අතරතු​ර  ආචාර්යවරයෙක් සිදුකළ වෙඩිතැබීමකින් වෛද්‍ය සිසුවෙක් තුවාල ලබා ඇත.

වාචික විභාගයක් අතරතුර ආචාර්ය  ෂරීෆ් සහ 23 හැවිරිදි වෛද්‍ය සිසුවා අතර ආරවුලක් හටගෙන ඇති අතර එම අවස්ථාවේදී ෂරීෆ් විසින් සිසුවාට වෙඩිතබා තිබුණි.

මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ රයිහාන් ෂරීෆ් නම් එම ආචාර්යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් වෛද්‍ය සිසුන් විරෝධතා ඇරඹීමෙන් අනතුරුව ඊයේ (06) ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ වැඩ තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව සඳහන් ය.

වෙඩි උණ්ඩය  සිසුවාගේ සාක්කුවේ තිබූ ජංගම දුරකථනයට වැදී ඇති අතර ඔහුගේ දණිස්සට සහ පාද තුවාල වී ඇති බව වාර්තා විය.