ශ්‍රී ජයවර්ධනපුර විශ්විවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල විසින් විශ්විවිද්‍යාල​ය ආසන්නයේ සංවිධානය කර තිබු විරෝධතාවකට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අද (18) දහවල් එම විරෝධතාවය සංවිධානය කර තිබු අතර විරෝධතාව විසුරුවා හැරීම සඳහා මෙලෙස පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇත.

විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩලය සඳහා සිදුකළ වැටුප 25% කින් වැඩිකිරීමට සමගාමීව තම වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා දිවයින පුරා විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්යමණ්ඩලය අද දිනයේ ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනයට සමගාමීව මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

වැටුප් විෂමතා ගැටලුව නිරාකරණය කිරීම සඳහා බලධාරීන් පියවර නොගන්නේ නම් අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවීමට සිදුවන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සම්මේලනය පවසයි.