ශකීබ් අල් හසන් නැවත වරක් බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත. ඒ අනුව ඔහු ආසියානු කුසලානය සහ ලෝක කුසලානය සඳහා බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීමට නියමිතය.

කොඳු ඇට පෙළේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් වූ තමීම් ඉක්බාල් පසුගියදා නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ෂකීබ් නැවත වරක් නායකයා ලෙස පත් කර තිබේ.

ෂකීබ් මේ වන විට ටෙස්ට් තරග 19කදී, එක්දින තරග 52කදී සහ විස්සයි20 තරග 39කදී බංග්ලාදේශය මෙහෙයවා තිබේ. ඔහු අවසන් වරට එක්දින තරගයක නායකයා ලෙස කටයුතු කළේ 2017 වසරේදීය.