පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් විසින් දිවයින ඉරිදා සංග්‍රහයට ලියන ලද තීරුලිපි සංග්‍රහය වන ‘සිතමු’ තීරු ලිපි පෙළ කෘතියක් ලෙස ඊයේ (10) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එළි දැක්වීය.

මෙම කෘතිය වසර ගණනාවක් පුරා දේශපාලන, සමාජ, ආර්ථික කරුණු කාරණා ගැන සාකච්ඡාවට බඳුන් කළ “සිතමු” තීරු ලිපි පෙළ එක්කොට කෘතියක් ලෙස එළි දක්වන ලදි.

මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අගමැති දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් සහ චන්දන සූරියබණ්ඩාර, තරිදු උදුවරගෙදර ආදි විවිධ මාධ්‍ය ආයතනවල කටයුතු කරන මාධ්‍යවේදීන් පමණක් නොව සරත් අමුණුගම, කරුණාසේන කොඩිතුවක්කු වැනි විද්වතුන් ද මෙම අවස්රථාවට එක්ව සිටියහ.