තලේමන්නාරම සිට මාතලේ දක්වා මලෛයහ දමිළ ප්‍රජාවට හිමි අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලමින් සහ වසර 200කට පෙර මුල්ම මලෛයහ දමිළ කණ්ඩායම ලංකාවට ගෙන්වීම ගැන සිහි කරමින් යන පාගමනේ 13 වැනි දිනය අදයි.

අද එම පාගමනට මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු පිරිසක්ද, වෑකඳවල රාහුල හිමි ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් රැසක්ද සහභාගී වූහ.