ආන්දෝලනයට තුඩු දී තිබෙන MTFE SL සමාගමේ අධ්‍යක්ෂවරයෙකු බව කියන ඉන්දික නිරංජන් ජයවංශ නමැත්තා අද (11දා) අලුයම ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

EK 649 දරන ගුවන් යානයෙන් ඔහු මෙලෙස ඩුබායි රාජ්‍යය බලා ගොස් ඇත.

පසුගියදා මහබැංකුව විසින් MTFE SL ආයතනය පිළිබඳ නිවේදනයක් නිකුත් කෙරුණු අතර, එහි මෙම පුද්ගලයා එම ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස හඳුන්වා තිබිණි.

ඔහු හදිසියේ මෙරටින් පිටව ගියේ එම නිවේදනය නිකුත් වී කෙටි කාලයක් තුළ වීම වි⁣ශේෂිතය.