එක්දින සහ විස්සයි20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම මෙම මස අගදී එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතය. එහිදී ශ්‍රී ලංකා පිල තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියට මෙන්ම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියකටද සහභාගි වීමට නියමිතය. එක්දින තරගාවලිය ICC කාන්තා ශූරතාවලියේ කොටසක් ලෙස පැවැත්වේ.

මෙම සංචාරය අගෝස්තු 31වැනිදා Hoveහි පැවැත්වෙන පළමු විස්සයි20 තරගයෙන් ආරම්භ වේ. T20 තරගාවලියේ ඉදිරි තරඟ පිළිවෙලින් සැප්තැම්බර් 02වැනිදා Chelmsford හිදී සහ සැප්තැම්බර් 06වැනිදා Derbyහිදී පැවැත්වීමට නියමිතය.

T20 තරගාවලියෙන් පසුව එක්දින තරගාවලිය සැප්තැම්බර් 09වැනිදා Durhamහිදී ආරම්භ වේ. දෙවැනි එක්දින තරගය සැප්තැම්බර් 12වැනිදා නෝර්ත්හැම්ප්ටන්හිදී පැවැත්වෙන අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය සැප්තැම්බර් 14වැනිදා ලෙස්ටර්හිදී පැවැත්වේ.